Kosala Mallika කෝසල මල්ලිකා බිසව

ධර්මරාජයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක් කොසොල් රජ බිසවු මල්ලිකා දේවීන්අරභයා වදාළසේක.

නිධාන කථාව-:
දිනක් දම්සභා මණ්පයෙහි රැස්වූ භික්ෂුන් වහන්සේලා අතර මෙබඳු කථාවක් පහළ වූයේය. ඇවැන්ති මල්ලිකා දේවිය මව්පිය නෑදෑයින්ට සහ තම ස්වාමියාට කළ මනා වතාවන් ආචාර ආදිය කිසිම අඩුවක් නැතිව කරන්නීය. බුද්ධ උපස්ථානයද මඟ නොහරන්නිය”යි කථා කරමින් උන්සඳ එහි වැඩි බුදුරජාණන් වහන්සේ බුද්ධශාසනයේ වැඩ හිඳ මහණෙනි, මොතොමෝ පති දේවතා කොටවිසුවේ දැන් මතුනොවෙයි. පෙරත් මෙලෙසම විසුවා වේදැයි ඉකුත් වත වදාළ සේක.
ආරාධනය:-

භික්ෂුන් වහන්සේ ජාතක කථාව

:- බරණැස බඹදත් රජ තමාගේ පුත් සොත‍ථීසේන රජකුමරු වැඩිවිය පැමිණි කල්හි යුවරජ තතනතුරෙහි පිහිටුවා ඉතා රූපත් සම්බුලා නම් රාජකුමාරිකාව ඔහුට අගමෙහෙසුන් කොටපාවා දුන්නේය. කල් යාමකින් සොත‍ථීසේන යුවරජ හට අසාධ්‍ය වූ කුෂ්ට රෝගයක් ඇති වූයේය. කරන ලද පිළියම් වලින්ගුණයක් නොවුයේ ශරිරය පැලි පැලී දිය බසින්නට වන. එකල්හි අනුන්ට පිළිකුල් වූ මේ වෘධියෙන් පෙළෙන මට රාජ්‍යයෙන් කම් නැත. වලට වැද අසරණ ව මිය යාම යහපතැයි පිය රජ්ජුරුවන්ට දන්වා සියළු සම්පත්හැරදමා සිය කැමැත්තෙන් ආ සම්බුලාවද කැටුව වනගතව රම්‍ය භූමි ප්‍රදේශයෙක්හි පන්සලක් කොට වාසයකලාහ.

සම්බුලා බිසවද දිනපතා අත්පා මෙහෙවර කිරීමෙන් ද උනුපැන් සිසිල් පැන් සපයාදී මිහිරි පලාඵලගෙන වළඳවමින්ද සුරතල් බසින් සිත් සනසවමින්ද ස්වාමි පුත්‍රයාට උපස්ථාන කරන්නීය. මෙසේ දවසරින කුමාරිකාව දිනක් ඵලාඵල නොලාගෙන එන්නී අතරමග සිත්කලූ දියරැළියක් දැක ඉස තුබු පැස තබා ස්නානය කොට ගොඩ නැඟී වල්කැල ඇඳගෙන සිටියාය. ඇගේ ශෝභාවෙන් වන ලැහැබ ඒකාලෝකවූවාය. එකල දානව නම් රාක්ෂයෙක් අහසින් යන්නේ ඇගේ ශරිර ශොභාය දැක ඈ පිළිබඳ සිත් ඇතිවී මෙසේ කීය.

“මනා රූපත් ස්ත්‍රිය, තිගේ නාමගොත්‍රය කුමක්ද? මේ වනය හාත්පස බබුලූවමින් සිටින තිට නමස්කාර කරමි. තී කවරෙක්දැ”යි විචාළේය. බරණැස් රජුගේ සොත්ථීසේන නම් පුතුණූ කෙනෙක් ඇත. ඔහුගේ භාර්ය්‍යාව සම්බුලාව මම වෙමි. අසාධ්‍ය රෝගයකින් පීඩිතව වනගතව මේ වනයේ පන්සලක වසන ඔහුට පලාපලයන්සහ සතුන් කා දමන මස් ගෙනවුත් දීමෙන් ද අත්පා මෙහෙවර කිරීමෙන්ද පෝෂ්‍ය කරමි. අද මා පලවැලගෙන නොගිය කල්හී කිසිවක් නොලදින් හුණු වැල්ලේ කඩාහෙලූ පත්මයන් ලෙසින් මලානිකව යන්නේයයිබිසව රාක්ෂයාට කීය.

රාක්ෂයා ඒ බසට කියනුයේ, “රෝගීයෙන් වනයෙහි අසරණව ඉන්නා ඔහුගෙන් තීටඇති පලය කිම්ද? මාගේ මේ විමානයෙහි සියලූ සම්පත් පිරී ඇත. සියගණන් දිවනළුවන් පිරී ඇත. මාගේ අන්තඃපුර ස්ත්‍රීන්ට අගමෙහෙසුන් කෙට තබමි. මෙතැන් පටන් රෝගීයා කෙරෙහි නොසිතව, මම තීට ස්වාමියා වෙමි”යි. කීයේය.

එකල සම්බුලාවෝ කියන්නී, “රාක්ෂය! මාගේ ස්වාමියාගේ රෝගය ගැන සිතා කල්යවමි. වල්කැලෑ ඇඳිමෙන් නපුරු තුනපහස ඇති මා කවර හෙයින් රූමතියක්යයි කියයිද? මනා රූපත් සිඬාඬගනාවන් දිව්‍ය ස්ත්‍රීන් හා නාග කන්‍යාවෝ මේ වනයෙහි සංචාරය කරන්නාහ. ඔවුන් අතරෙන් තට පියවූ ස්ත්‍රියක් තබා යනුව මාගෙන් තට ප්‍රයෝජන කිම්ද?”

මෙසේ කී කල්හි ඇගේ රූපයට වසඟවූ රාක්ෂයා නොයෙක් ලෙසින් කියාත් තමා වසඟයට ගත නොහැක්කේ තී බලහත්කාරයෙන් මාගේ විමානයට ගෙනයමි. මා සමඟ වාසයට අකමැති වනයෙහි නම් තී මට ගොදුරු වන්නේ වන්නේයයි කියා එක්වරම පැන අසරණව සිටි ඒ රජදුවගේ අත අල්වා ගත්තේය. සතුරාගේ වසඟයට පත්වී සිටින බිසව තම ස්වාමියා ගැන ම සිතා හඬන්නී—මේ අන් පුරුෂයෙක් හා සමඟ ලෝකෂ්වාද රතියෙහි යෙදී සිටියේ යයි රජතුමා සිතනසේක් වීනම් ඊට වඩා මට දුකෙක් නැතැයි˜ හඬා වැලප දෑත් අහසට දිගුකොට ලෝකපාල දෙවියන්ට අඬගා කියන්නී අද ලෝකපාල දෙවි කෙනෙක් ලොව නැත්තාහ. මේ ලෝක පාල දෙවි කෙනෙක් ඇත්නම් —මාගේ ස්වාමියාගේ හැර රාග විනයෙන් අන් පුරුෂයෙකු මුහුණ නොබැලූ ප්‍රාණඝාතයක් නොකළ මුසාවාදයෙන් වැලකී පතිවත ගතී මා වැනියකට මේ රාක්ෂයා කරන දුරාචාරය නොවළකා බලා හිඳිහුද? ලෝකපාල ශබ්දය විනා ඒකාන්ත දෙවි කෙනෙක් මෙලොව නැතැ” යි මුරගා දේවතාවන්ට යැදියාය.

ඇගේ ශිලානුභාවයෙන් හා ප්‍රතිවෘතාධර්මයෙහි ආනුභාවයෙන් සක්දෙවි රජුගේ පඩුපුල් අස්න හුණු වී මේ කාරණය නුවණැසින් දැක ඒ ක්ෂණයෙහි චජ්‍රායුධය හැරගෙන බියකරු වේශයක් මවාගෙන රාක්ෂයා වෙත පැමිණ ;
” එම්බල රාක්ෂය, ස්ත්‍රීන් කෙරෙන් උතුම් ගුණ ඇති බොහෝ යසස් පිරිවර ඇති ප්‍රතිඡෘතා ධර්මය මැනවින් රැකි මේ රජදුව අතහැරව, තා මේ රජදුව සමඟ අසද්ධර්මයෙහි යෙදුනේවි නම් වේවයි ගොදුරු කොට අනුභව කෙළේවි නම් වේවයයි මේ චජ්‍රායුධයෙන් තාගේ හිස සත් කඩක් කොට පලාපියමි’යි භය ගන්වා කීයේය.

එබසින් තැති ගත් රාක්ෂයා බිසවුන් අතහැර බලාගෙණ සිටියේය. එවෙලෙහි සක්දෙවි රජ නැවතත් මේ රාක්ෂයා, මෙබද්දක් කළේ වීනම් නපුරැයි, මතු නොඑන පරිද්දෙන් තුන්වන පර්වතය ඇතුළෙහි දමා ඉක්බිති සම්බුලාවන්ට අප්‍රමාදව පතිවෘතාධර්මය පුරවයි අවවාද දී දිව්‍ය ලෝකයට ගියේය. සම්බුලාව ද ඉර අවරට ගිය කල්හි සඳ පහන් ආලෝකයෙන් පන්සලට එන්නීය. රජ්ජුරුවෝද ඈ එන ශබ්දය අසා මෝ අන්‍ය පුරුෂයකු සමඟ විත් මා මරාපු නම් නපුරැයි සිතා සැඟවී සිටියේය. පන්සලට පැමිණි ඇය තමාගේ ස්වාමියා නොදැක මහත් ශෝකයෙන් අඬ අඬා මුරගා ඒ අවට ඇවිදින්නී මේ වනයෙහි සිව්පා සතෙක් ඇත්ද දේවතා කෙනෙක් ඇත්ද? ඔහු මාගේ ස්වාමියා වහා පෙන්නත්වා, ඔවුන්ට මාගේ නමස්කාරය කරමි. ඔවුන් සරණයෙමි. පර්වත ගිරි ගුහාවල වාසය කරන දේවතා කෙනෙක් ඇත්නම් සොත‍ථීසේන රජු වහාම ඇස දක්වව, මෙසේ කුමාරිකාව ලය පැලී යන තරම් ශෝකයෙන් අඩමින් වැලපෙමින් දෙවියන් වැඳ වැඳා බැගෑපත්ව අඬන බිසවුන් දැක සොත‍ථීසේන නම් වූ රජ්ජුරුවෝ සිතන්නාහු මේ බිසව අතිශයින් බැගෑපත්ව අඬන්නීය. මම මෙතන නියාව නොඇඟවී නම් ශෝකයෙන් ලය පැලී යන්නේය. ඇගේ අදහස දනිමියි සිතාගොස් පන්සල දොරකඩ උන්නේය.

ඈ ස්වාමියා දැක දෙපයේ හිස තබා ගෙන “දේවයන් වහන්ස මෙතෙක් වේලා මා අඬමින් සිටියදී ප්‍රිය තෙපුලක් නොකියා ඉන්ට මා කළ වරද කිම් දැ”යි විචාළීය .
“එම්බා සොඳුර තෙපි කිසිම දිනක මේ වේලාවට නොආවාය. අද වූකලී පැමිණියේ බොහෝ රෑබෝවීය. එකාන්තයෙන් අද අන්‍ය සම්බන්ධයක් ඇතිව පසු වූ බැව් පෙනෙ. මට වඩා තෙපට ප්‍රියයො කවරහුදැයි කියව”, මෙසේ රජුවිචාළ කල්හි බිසව තමාට වනයේ වූ ගැහැට කියා ශක්‍රයා නිසා ජීවිත දානය ලැබ “මාගේ ජීවිතයටත් වඩා ප්‍රියව සිටි නුඹ වහන්සේ ලදිමි”යි කී කලරජ්ජුරුවෝ කියන්නාහු “එම්බා සොඳුර ගැහැනුන් කෙරෙහි සත්‍ය බසෙක්නම් කොයින්ද? එය අහසට පොලොව මෙන්ම මුහුදෙහි එතෙර මෙතෙර මෙන්ද දුර වන්නේය. හිමාල වන ප්‍රදේශයෙහි වල් වැද්දන් තාපස වරුන් හා සිඬවිද්‍යාධරයින් ගැවසෙන්නාහ. එබැවින් මෙය කෙසේ අදම්හද? මොහොතින් මොහොත නොයෙක් සිතුවිලි සිතන බොහෝ නුවණැති ස්ත්‍රීන් කෙරෙහිත් සත්‍ය බසෙක් නැත්තේම ය.”

මෙසේ කී කල්හි සම්බුලාව සත්‍යක්‍රියා කරන්නේ “ස්වාමිනී නුඹ වහන්සේ මා කී වචනය නොඅදහන කෙනෙක් වේ නම් මාගේ සත්‍යක්‍රියා බලයෙන් නුඹ වහන්සේට පිළියම් කරමියි කියා පැන් කලයක් ගෙන මා මෙතෙක් කීයේ සත්‍ය බසෙක්මය. ඒ සත්‍ය වචනයේ බලයෙන් පංච වෛද්‍යකුලයා විසින්ම පිළියම් කළ නුහුණු මේ අසාධ්‍ය රෝගය වහාම ගුණවේවා”යි සිතා පැන් කලය රජුගේ ඉස් මුදුනේ නැමුවාය.

ඇගේ සත්‍යක්‍රියා බලයෙන් හා ප්‍රතිවෘතාධර්මයෙන් ආනුභාවයෙන් ඒ මෙහොතෙහිම ඇඹුල් ගා සෝදන ලද තඹ මලක් මෙන් රජුගේ රෝගය සන්සිදුනේය.රජතුමා ඉතා ප්‍රීතියට පත්ව කීප දිනකින් බරණැසට ගොස් මගුල් උයනට වැදවුන් කල්හි පිය රජ්ජුරුවෝ උන් ආ නියාව අසා මගුල් කොට ගෙන්වා රාජ්‍යයෙහි අභිෂේක කොට තුමු මගුල් උයනට වැද තවුස් වෙස් ගෙන වසන්නාහු නිතර රජගෙන් වළදන්නාහ.

සොත‍ථීසේන රජ්ජුරුවෝ තමන් හා එක්ව දුක් ගෙන ඇවිදි සම්බුලාවන්ට අගමෙහෙසුන් තනතුර පමණක් දී සෙසු කිසි වෘත්තියක් නොදුන්නාහ. තවද බිසව ගැන නොසලකා සෙසු ස්ත්‍රීන් සමඟ අභිරමණය කොට ඇවිදින්නාහ. මේ හේතුවෙන් කල කිරුණු සම්බුලාවො දිනෙන් දිනම දුර්වල භාවයට පත්වූහ. දිනක් රජගෙට දන්වැළදීමට පැමිණි තාපසයෝ ඈ දැක දුර්වලවූ කාරණා විචාරන්නා වු රාජ කුමාරිකාවෙනි තොප වනයේ වාසය කොට ආ අවධියෙහි රූපශ්‍රීයෙන් ඉතා යහපත දැන් මේ රාජ්‍යයට පැමිණ කවර හෙයින් සුදු මැලි ශරීර ඇති ව දුර්වලව ගියාද? මට කියව”යි කීහ.

කුමාරිකාවන් කියන්නේ “තාපසයන් වහන්ස ඔබගේ පුත්‍රයා මා ස්වාමියා පෙර සේ මා කෙරෙහි ඇදහිලි නැත්තේ සිත්කලූ අන්‍ය ස්ත්‍රීන් කෙරෙහිම ඇලී වසන සේක. මා කෙරහි නොසිතන සේක. වනයේ දී මාකළ උවටැන් සිහිවන්නේය. ඔහුට එය සිහි නොවන්නේය. මට වනය මීට වඩා වටින්නේය. කෙතරම් සැප ඇතත් ස්වාමියා අප්‍රිය නම් සියළු සැපත් හැර මියයාම ඉතා මැනවි, දුක්ඛිත පුරුශෂයෙක් තමාගේ භාය්‍යාවට හිතවත් නම් මෙබඳු රාජ්‍ය සැපතකට වඩා ඒ බෑගෑපත් බවම ස්ත්‍රියකට උතුම් වන්නේය” යි තාපසයන්ට තමා දුර්වල වීමට හේතුව කී කල්හි තාපසයෝ තම පුත්‍ර සොත‍ථීසේන රජ්ජුරුවන්ගෙන් ලඟට කැඳවා
“එම්බා පුත්‍රයෙනි, තොප රෝගයෙන් පීඩිත වූ කලී තොප අත් නොහැර වලට ගොස් උවටැන් කොට තම සත්‍යක්‍රියා බලයෙන් රොගය සුව කොට රාජ්‍යය කරන ලෙස සැපතෙහි පිහිටුවා ලූ තොපට උපකාරීව සිටි බිසවුන් උන්හිටි තැන් පමණකුත් නොවිචාරා තොප කළ සේ ඉතා අයහපත්ය. මිත්‍රද්‍රෝහීකම බරපතල වරදක්ම වන්නේය. ස්ත්‍රීන් කෙරෙහි ස්වාමියාට පක්ෂ කෙනෙක් සොයා ගැන්ම දුෂ්කරය. ඈ ඉතා විශ්වාසීය. ඈ කෙරෙහි සත්පුරුශව බොහෝ කාලයක් සැපසේ වසව”යි අවවාද දී පන්සලටම ගියහ.

පිය රජ්ජුරුවන් ගිය කල්හි තම අග මෙහෙසිය කැඳවා කියන්නාහු “එම්බා සොඳුර, තොපට වඩා මට උපකාරි කෙනෙක් නැත. මෙතෙක් කල් මා නොකළ වරදට ක්ෂමා කරව්, මෙතැන් පටන් මේ සියළු සැපත් සහ රාජ්‍යන් තොපට දෙමියි’ රාජ්‍යය බිසවුන්ට පාවාදී බිසවුන් සමඟ ඉතා ප්‍රීතියෙන් ධානාදී වූ සුචරිතයන් කොට කම් වූ පරිදි මිය පරලොව ගියහ. එකල්හි සම්බුලාවෝ නම් මේ මල්ලිකා දේවිය වන්නාහ. කොසොල් රජ්ජුරුවෝ එකල සොත‍ථීසේන රජු විය. උයනේ තපස් කල පිය රජ්ජුරුවෝ නම් දැන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේය.

Kosala Mallika’s story runs like this.

 Mallika was the beautiful and talented daughter of the foreman of garland-makers in Savatthi. Mallika, who was sixteen, often went to the public flower gardens with her friends. One beautiful, clear day she packed a lunch of special rice and set out for the flower gardens to join her friends. As she was leaving the city, she saw the Buddha with a group of monks seeking alms.

So inspired was Mallika by the serenity and presence of the Buddha that she offered Him the lunch she had packed and prostrated herself at His feet. She had no idea that she was offering her food to the Buddha but was overjoyed and suffused with happiness by her impulsive gesture.

The Buddha accepted the gift and smiled. ananda, the Buddha’s personal attendant, knowing that the Buddha would not have smiled without a reason, asked Him why he had smiled. The Buddha replied that this girl would reap the benefits of her gift the very same day by becoming the Queen of Kosala.

This seemed an impossibility for Mallika was of low caste. In India at that time the caste system flourished. It seemed very unlikely that King Pasenadi Kosala would choose a girl of low caste as his queenKing Kosala, who was one of the powerful kings of India, was at that time in battle with King Ajatasattu, the king of Magadha. Defeated in battle he was returning, downcast, when he heard sweet, melodious singing in the flower garden. Enchanted by the singing he rode into the flower garden to find the exceedingly beautiful MallikaMallika, who was overjoyed by her gift to the Noble One, was dancing and singing in happiness among the flowers.

For some time King Kosala observed Mallika, who was a vision of beauty and grace. Then, dismounting from his horse, he spoke to her and asked if she was married. When Mallika replied that she was not married he talked to her about his misfortune in battle. Soothed by her consoling words and enraptured by her beauty and gentleness, he decided to make her his queen. Placing her carefully on his horse he took her back to her parents’ home. In the evening he sent an entourage to fetch her to the palace and made her his queen.

As the beloved of King KosalaMallika was respected by all and surrounded by luxury and a multitude of servants, who fulfilled her every wish. Soon it was known to all that Mallika the flower girl was elevated to the position of Queen of Kosala resulting from the effects of her heartfelt gift to the Buddha. Wherever she went people would joyously honour her, saying, “There goes Mallika, our queen, who gives generously to the Buddha.”

Mallika in turn became a devoted follower of the Buddha and a supporter of the Noble Order. She was also an intelligent queen who questioned and analyzed her observations. Observing the different status of people, her elevation from poverty to wealth and power, and convinced that nothing happened without a causeMallika went to the monastery where the Buddha was residing with the following question:

    “Why is it that some women are beautiful, wealthy and powerful,
    While some are beautiful but without wealth and power,
    And yet others ugly but wealthy and powerful,
    And some ugly, poor and without power?”

The Buddha then explained to her that those who are gentle and patient are born beautiful. Those who have given generously are born wealthy. And those that who not envious and rejoice in the success of others are born with power. Rare is the person who has performed all three of these deeds and as such, depending on their actions, one found a combination of these traits in persons. Mallika then decided that she would practice generosity, compassion and patience, and be happy at the success of others.

She provided alms and requisites to the Buddha and His retinue and built an ebony hall for Dhamma discussion. She practiced gentleness to her husband and servants and all others with whom she came into contact when performing her duties as queen. And when King Pasenadi Kosala decided to take a second wife, Vasabha Khattiya, she welcomed her and treated her as a younger sister without envy or jealousy.

Mallika also helped King Kosala, who was a follower of the Brahmins, to have confidence in the teachings of the Buddha. The king had had some disturbing dreams, which he felt represented some misfortune. Summoning the Brahmin priests the king asked them to interpret his dreams. Claiming that the Gods were displeased, they requested a huge animal sacrifice to appease the Gods. Mallika, who practiced the Buddha’s teaching of compassion and loving-kindness to all living beings, was horrified to find preparation for the slaughter of so many animals. She advised the King to seek the Buddha’s counsel on the meaning of his dreams.

The Buddha informed the king that these dreams did not foretell any misfortune for him. As a result of his practice of meditation, the king had dreamt of the future in the matter that was closest to him, the royalty and the government. The Buddha said that these dreams signified the downfall in society that would occur as a result of moral deterioration of royalty and their governments. King Pasenadi Kosala became a devoted follower of the Buddha and a royal patron after this incident.

The king also requested the Buddha to send a teacher to the palace to instruct his wives in the Dhamma. The Buddha delegated ananda to teach Mallika and Vasaba Khattiya the Dhamma. Mallika, with her keen mind, progressed rapidly, but Vasaba Khattiya (who was a relative of the Buddha) was inattentive, slow to understand and had difficulty in grasping the Dhamma. ananda approached the Buddha and informed him of the progress of the two royal ladies by saying that Queen Mallika grasped the concepts of the Dhamma and practised diligently what he taught, but that the Buddha’s kinswoman had derived little benefit from the Dhamma. The Buddha confirmed Ananda’s assessment by saying that well-spoken words were fruitless to those who did not study and practice the Dhamma, just as a beautiful flower without scent, while the well-spoken words were fruitful to those who studied and practiced the Dhamma, like a beautiful flower that was laden with scent.

Even though the king and queen were a devoted couple they had their differences. In one instance the king had a falling out with Mallika regarding the way she was carrying out her royal duties. The Buddha then advised the king to reconcile their differences by relating instances from their past lives.

The first instance was when they were born as husband and wife in the Deva world. They had been very attached to each other and one day had been separated due to a flash flood that prevented the king’s return to their home. So worried and grief-stricken had they both been in their separation that they had vowed never to be separated again even for one day.

The other was when the king had been the crown prince and Mallika his consort. The prince had contacted leprosy and had decided to give up his kingdom and live in the jungle away from his subjects. The queen had decided that she would join him and had taken care of him and nursed him to health. When King Kosala heard these incidents from the past he forgave Mallika and reconciled their differences. Mallika, in gratitude to the Buddha for His counsel, said:

    “With joy I heard your varied words,
    Which were spoken for our welfare.
    With your words you dispelled my sorrow.
    May you live long, my Ascetic Bringer of Joy.”

Though Mallika led a blameless life of generosity and loving-kindness she transgressed and indulged in sexual misconduct in one instance. When questioned by the king, without owning up to her inappropriate behaviour, she lied to cover up her disgrace.

This one incident, which occurred shortly before her death, must have worked on her mind because at death she was reborn for seven days in hell.

King Kosala was grief-stricken at the death of his chief queen and visited the Buddha to find out her place of rebirth. Knowing that she was reborn in hell due to her misconduct and deceit, and not wanting to add to the sorrows of the king, the Buddha distracted the king by giving an inspiring discourse that took his mind away from the question. For six days the Buddha prevented King Kosala from asking the place of Mallika’s rebirth by distracting him with inspiring teachings. On the seventh day he informed the King that Mallika had been reborn in the Tusita Heaven among the Devas of delight.

Her name Mallika was derived from the word ‘Mallika’ meaning ‘a florist. She came to that high position as a result of her offering three sweet melons to the Buddha. Even though she did not possess a remarkable beauty King Pasenadi Kasoal fell in love with her at first sight and married and made her the head consort of his harlem.

Queen Mallika was a very keen follower of the blessed one and was keen on offering alms to blessed one and bhikku sangha. As the king was very fond of her Ping Pasenadi ordered to prepare and offer alms to bhikku sangha everyday to please Queen Mallika.

Although King Pasenadi-Kosala had ordered to offer alms daily to all the five hundred Bhikkhus, yet he his lacked the lustre of deep devotion.

The Bhikkhus, therefore, opted to accept the alms there and began to partake them at the houses of their own favourite devotees. Having heard of this, the King asked the Buddha why they did so. The Buddha explained that despite the delicious quality, the alms were offered with little zeal.

The solution was to attain one or more stages of Arahatship or become related to the Buddha by marrying a Princess of the Sakya Dynasty. Determined to do it by hook or by crook, King Kosala sent a request for a Princess to King Mahanama.

Afraid of resisting the request of the powerful Kosala, he sent his daughter, Vasabhakhattiya begotten to him by his servant-maid, Mahamundi. Here, the author ridicules at the purity of Sakyan’s high birth! This ill-begotten Vasabhakhathiya became a Queen Consort.

At that time, there was a sort of competitive spree between the King and the citizens in trying to outdo the other in the act of giving alms to the Buddha.

One day, outwitted by the collective act of alms-giving by the whole body of citizens most festively, the King lay in bed dejected.

Queen Mallika comforted him by displaying her splendid capacity for organisation of an alms-giving and arranged one which could never be outshone by anybody. Hence, it came to be called “Asadrusha Dana” or “Unique Alms-giving”.

The story of the young, veteran physician is yet another episode captivating the reader’s attention. Jeevaka came to be reputed with his first feat itself in curing the wife of a multi-millionaire in the city of Saketha who had been afflicted with a persistent headache for seven long years.

All the long anecdotes are masterly creations in holding the listeners spell-bound with growing fascination like intricately plotted detective stories which provide only the thrill whereas Pujavaliya offers a wealth of piety inspired with a knowledge of practical use and guidance in secular and spiritual uplift of man and monarch in addition to the recognition of merit in women whereby they are treated with not only equality but also with superiority as in the case of Kosala Mallika’s wisdom.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s